Site icon Newshub

නාමල් රාජපක්ෂව CID යට කැඳවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධව කරුණු විමසීමට රාජපක්ෂ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවාතිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රකට ව්‍යාපාරිකයකු පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලදී.

එම ප්‍රකාශයට අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව හෙළිවී තිබෙන අතර නාමල් රාජපක්ෂ මහතාගෙන් ඒ පිළිබඳව ද වැඩිදුර කරුණු විමසීමට නියමිතව ඇත.

Exit mobile version