Site icon Newshub

ගණේමුල්ල සංජීව ඝාතකයා, නීතීඥ උඳුල්වත් අවභාවිත කරලා ?

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න ‌හෙවත් ගණේමුල්ල සංජීව අලුත් කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්කල ප්‍රධාන වෙඩික්කරු, නීතිඥ උපුල් ප්‍රේමරත්න මහතාගේ නමින් සහ ඔහුගේ පින්තූරයක් යොදාගෙන සකස් කළ ව්‍යාජ සමාජ ජාල ගිණුමක් හරහා ඝාතනය මෙහෙය වූ ප්‍රධාන සැකකරුවකු සමග සබඳතා පවත්වා ඇති බව හෙළි වී තිබෙන බව වාර්තා වේ.

උඳුල් ප්‍රේමරත්න නමින් වූ සමාජ මාධ්‍ය ගිණුම හරහා වෙඩික්කරු ඇමතුම් රැසක් ලබාගැනීම හා ලැබී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පොලීසිය කල වැඩිදුර පරීක්ෂණවලදී මෙම මේ තත්ත්වය බව හෙළි වී ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ ඝාතන කුමන්ත්‍රණකරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය සැඟවීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කරන්නට ඇති බවයි.

උඳුල් ප්‍රේමරත්න මහතා ද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ තමන් මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත්ව නැති බවත් තම නම සහ පින්තූර යොදා කිසිවකු සමාජ ජාල ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බවත්ය

Exit mobile version