Site icon Newshub

මාලිමාවේ අවසරය නැතුව ගමේ සංවර්ධන කටයුතු බෑ – ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයෙකුට තර්ජන – පොලිසියට පැමිණිලි

ගමේ සංවර්ධන වැඩකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ජාතික ජන බලවේගය දැනුවත් විය යුතු බවත් මින් ඉදිරියට එසේ දැනුවත් නොකර ගමේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන්නැයි කියමින් මාලිමාවේ ප්‍රාදේශීය නායකයෙක් තමන්ට තර්ජනය කළ බවට මාතලේ යටවත්ත ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

යටවත්ත ප්‍රාදේශීය සභාව මගින් එගොඩමුල්ල, ගොල්ලැංගල, බතලහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීමත් සමඟ ඊට උරණ වූ මාලිමාවේ ප්‍රාදේශීය නායකයා ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාට බැන වැදී තිබේ.

මාලිමාවේ ප්‍රාදේශීය කමිටුවේ දැනුවත් වීමකින් තොරව මොනම හේතුවක් නිසාවත් යටවත්ත ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ආරම්භ නොකරන්නැයි පවසමින් තමන්ට තර්ජනය කළ බව ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයා යටවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් සඳහන් වේ.

සභාපතිවරයාට සිදුකළ මෙම තර්ජනයට එරෙහිව එගොඩමුල්ල. සහ අවට ප්‍රදේශවාසීන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි

Exit mobile version