ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට පොලිසිය, බන්ධනාගාරය සහ අධිකරණ කාර්ය මණ්ඩල වල කිසිවකුගෙන් වෙඩික්කරුට සහායක් ලැබී ඇත්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට පොලිසිය, පොලිස් විශේෂ කාර්යබලකාය සහ බන්ධනාගාර නිලධාරීන් 30 දෙනකුගෙන් පමණ කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඝාතනය සිදුවූ මොහොතේ අධිකරණයේ මුලාසනය හෙබවූ මහේස්ත්‍රාත්වරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කරඇත.
එමෙන්ම ගනේමුල්ලේ සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන පැමිණි බන්ධනාගාර නිල රථයේ සහ ආරක්ෂාව ලබා දුන් විශේෂකාර්යය බලකා නිලධාරීන් 15දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගනේමුල්ලේ සංජීව ඝාතනය කල වෙඩික්කරු සතුව තිබූ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව මෙම සිද්ධියට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
ඝාතනය කිරීමට පෙර සහ පසු වෙඩික්කරු වන කොමන්ඩෝ සමිදු සහ මෙම ඝාතනය සැලසුම් කළ බව කියන විදේශගතව සිටිනය කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ හිතවතකු වන කොමන්ඩෝ සාලින්ද සමග වෙඩි තැබීමට පෙර සහ පසු දුරකථනයෙන් කෙටි පණිවුඩ හුවමාරු කරගෙන තිබෙන බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වෙඩික්කරු….”මම ආවා”
සාලින්ද… “Ok ”
වෙඩික්කරු….”මට මෙතන සැටිස් නැහැ. මෙතන පොලිසියයි එස්.ටී.එෆ් එකයි ඉන්නවා.”
සාලින්ද ….”කිසි අවුලක් නැහැ. ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි වැඩේ බැලන්ස්. බයවෙන්න එපා ගහන්න”
වෙඩික්කරු ….”මම ඇතුලේ. ඇතුලේ අවුලක් නැද්ද.?
සාලින්ද ….”නැහැ ගහන්න”
වෙඩික්කරු …”සෙට් වෙනවද”?
සාලින්ද …..”ඔව් ඔක්කොම හරි ගහන්න.
ඉවරම කරන්න”
වෙඩික්කරු …..”පොලිස්කාරයෝ ටික”?
සාලින්ද …..” ඔක්කොම හරි ඔයා ගහන්න”
වෙඩික්කරු … “හරි ගහනවා.”
සාලින්ද …..”අරූ මැරිලද” ?
වෙඩික්කරු….”මැරිලා”
සාලින්ද ….”නියමයි උඹ මගේ පණ”
වෙඩිකරු…”තාත්තා කෙනෙක් වගේ ඔයා මට සැලකුවා. ඔයා තමයි මගේ පණ අයියේ.”
යනුවෙන් පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මේ අතර ගනේමුල්ල සංජීවගේ හිතවතෙකු බව කියන පුද්ගලයෙකු සංජීවගේ දේහයේ ඡායාරූප කිහිපයක් මාජ මාධ්‍ය වෙත මුදාහරිමින් පවසාා ඇත්තේ “අයියේ මේකට පලිය ගන්නවාමයි. ඔයාට සාධාරණයක් කරනවාමයි. යනුවෙනි.