Site icon Newshub

මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අද ඇරඹෙයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද(24) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

නව රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙය වන අතර ඊට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර අමාත්‍යවරයා ඊට සහභාගී වන රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බවද සඳහන් වේ.

මේ අතර පසුගිය සැසිවාරයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට විරෝධය පළ කිරීමට රජය දැනටමත් තීරණ කර ඇති අතර ඒ සඳහා ඔක්තෝබර් 7 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ද හිමි විය.

Exit mobile version