ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා පත්කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.
මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කරගෙන සිටියේ නජිත් ඉන්දික ය. පසුව පැවති මහමැතිවරණයේදී ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කළ අතර, නිල නොවන අන්දමින් මෙතෙක් ජනාධිපති මාධ්‍ය අංශය හසුරවනු ලැබු බවද දැනගන්නට ඇත. කෙසේ වුවත් මෙම නව පත්කිරීම සමඟ එම රාජකාරි ප්‍රසන්න පෙරේරා වෙත පැවරේ.