Site icon Newshub

නාමල්ට යන්න වෙන්නේ ගමට නෙවෙයි – වල පල්ලට : නියෝජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කියයි !

නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාට “ගමට” යන්න නොව වලපල්ලට යාමට සිදුවිය හැකි බව ධීවර , ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා අරඹා ඇති නව දේශපාලන ප්‍රතිසංවිධාන කටයුත්ත සම්බන්ධව මාධ්‍යවේදියෙක් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව බාප්පා පැමිණ රට බාරගන්න සූදානම් කියූ බවත් මේ මොහොතේ කල්ලි කිහිපයක ගැටුම් අවස්ථාවේ පුතාද පැමිණ රට බාරගන්න සූදානම් යැයි පවසන අතර ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

සංවිධානාත්මක කල්ලි සිදුකරන අපරාධ සම්බන්ධව රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන තැනට රජය මැදිහත්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version