Site icon Newshub

කෝලි වාර්තා පොත් අලුත් කරයි !

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායිහි පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉන්දියාවට මේ වන විට අවස්ථාව උදා වී ඇති අතර තරගාවලියේ සත්කාරක රට වන පාකිස්ථානය මූලික වටයෙන්ම ඉන් ඉවත්වීමේ අවදානමකට මුහුණ දී සිටී.

ඊයේ (23) පැවති මෙම තරගයේ, කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබාගැනීමට සමත් විය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව, පන්දුවාර 42යි පන්දු 3ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ළඟාකර ගැනීමට සමත් විය.

එහිදී විරාත් කෝලී නොදැවී ලකුණු 100ක් වාර්තා කළ අතර එය සටහන් වූයේ ඔහුගේ 51 වැනි එක්දින ශතකය ලෙසයි. එමෙන්ම විරාත් කෝලී සිය එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ඉක්මවා ගියේ, එම කඩයිම අවම ඉනිම් සංඛ්‍යාවකින් පසු කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වෙමිනි.

Exit mobile version