Site icon Newshub

ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නෑ : වත්මන් සිදුවීම් කවුරහෝ හස්තයක්ද සැකයි – ජනපති කියයි!

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.කෙසේ වුවත් මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනදවාද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙන බවත් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.


“ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණයවෙලා තියෙනවා. එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. නමුත් මෙම පාතල කණ්ඩායම් දීර්ඝ කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතාවයන්  විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා. අපි දැඩි උත්සාහයක් ගන්නවා මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනෙක් පැත්තෙන් අපිට සමහර තොරතුරු ලැබෙමින් තිබෙනවා අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.  මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනදවාද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තිබෙන්නේ.” 


 

Exit mobile version