Site icon Newshub

පාර්ලිමේන්තුවේ 224ටම යළි පොලිස් ආරක්ෂාව!

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනියුක්ත කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙතින් කතානායක ජගත් වික්‍රමරත්න විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පොලිස් මූලස්ථානය මෙම තීරණය ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂාව ඉල්ලා විටින් විට සිදුකළ ඉල්ලීම් පසුගියදා කතානායකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ගේ අවධානයට යොමුකර තිබේ.

ඒ අනුව පොලිස් මූලස්ථානය ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනා බැගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 සඳහා ම අනියුක්ත කරන තීරණය ගෙන තිබේ.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය පසුගිය මැතිවරණ සමයේ පවසා සිටියේ මහජන නියෝජිතයන් වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් යෙදවීම මහජන බදු මුදල් අපතේ යැවෙන සෝබන ක්‍රියාවක් ලෙසය.

අංගාරක්ෂකයන් නොමැතිව පොදු ප්‍රවාහන සේවයේ පාර්ලිමේන්තු එන නව දේශපාලන සංස්කෘතියක් තම ආණ්ඩුවක් යටතේ හඳුන්වා දෙන බවටද කිසිසේත් ප්‍රායෝගික නොවන ජනප්‍රිවාදී මතයක් ඒ හරහා ජාතික ජනබලවේගය පක්ෂය විසින් නිර්මාණය කළත්, මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ සමඟ එම පොරොන්දුවද උල්ලංඝනය වී තිබේ.

Exit mobile version