අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කළ ගනේමුල්ලේ සංජීව ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (22 ) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කොස්තාපල් වරයා අතුරුගිරිය පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතුවල නිරත වූවකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව මේ වන විට පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.