Site icon Newshub

අර්ජුන් ඇලෝසියස් නිදහස්!

රුපියල් බිලියන 3.5 ක එකතු කළ අගය මත බදු (VAT) ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳිමින් සිටි W.M. මෙන්ඩිස් ඩිස්ටිලරීස් හි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් දෙදෙනෙකු අද රිමාන්ඩ් භාරයෙන් නිදහස් කරන ලදී.

වැලිකඩ බන්ධනාගාරයෙන් ඔවුන් නිදහස් කිරීම බන්ධනාගාර ප්‍රකාශක ගාමිණී දිසානායක තහවුරු කළේය.

වැට් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිදෙනාට මාස හයක සිර දඬුවමක් නියම කර තිබුණි.

Exit mobile version