ජාතික තරුණසේවා සභාව සහ ඊට අනුබද්ධිත ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට විශේෂ කෝප් අනු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වූ අතර එහි මෙම තීරණය ගනු ලැබීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ජාතික තරුණ සේවා සභාව සහ ඊට අනුබද්ධිත ආයතන කිහිපයක දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් වැය කළ බව කියන රුපියල් මිලියන 188 කට අදාළ චෙක් පතක් එක් දිනක් තුළ නිකුත් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධව තරුණ සේවා සභාවේ සිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පසුගිය දා කෝ කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙනෙන තිබේ.
මෙලෙස අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙම විශේෂ අනුකමිටුව පත්කිරීමට තීරණය කර ඇත