Site icon Newshub

අර්ච්චුනාගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනය කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රමණාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර ඇත.

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව තමාවෙත ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා තමන් විසින් මෙම කමිටුව පත් කළ බවත් එහි වාර්තාව අද සභාගත කර බවත් කතානායක වෛද්‍යය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශකළේය.

නියෝජ්‍ය කාරක සභා සභාපති හේමමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කරන ලද මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු කටයුතු කරති

Exit mobile version