Site icon Newshub

රෝහිත බෙහෙතකට අඹරන්න වියත්මඟ සාමාජිකයකු හොයයි !

දඩබ්බර වූ ආණ්ඩු හැමවිටම ගෙදර ගිය බවත්, ඒවාට ජනතාව දැන් නොව එම ආණ්ඩු වැටුණු පසුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

පසුගිය සමයේ තම පාර්ශ්වයටද වියත්මග කියා සංවිධානයක් තිබූ බවත් අද වනවිට එහි සිටි අයෙකු බෙහෙතක් අඹර ගැනීමටවත් සොයාගන්නට නොමැති බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා , “අපිට වුණ දේ ඔබට නොවේවා ” කියාද පැතීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

2025 අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ මාස 9ක කාලයක් සඳහා බවත්, එනම් අප්‍රේල් මාසයේ 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා සිටි වන අතර අයවැය යෝජනා වල හොඳ නරක දැනගන්නට ලැබෙන්නේ අදාළ යෝජනා ක්‍රියාත්මක වන විට බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය

Exit mobile version