Site icon Newshub

නේටෝ හමුදා දැවැන්ත යුධ අභ්‍යාසයක ! (PHOTOS)

නේටෝ සාමාජික රටවල් කිහිපයක හමුදාවල සහභාගීත්වයෙන් පසුගියදා රුමේනියාවේ දී දැවැන්ත යුද අභ්‍යාසයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Steadfast Dart 2025 නමින් නමකර තිබෙන මෙම යුද අභ්‍යාසය රුමේනියාවේදී පවත්වා තිබේ. ඒ සඳහා බල්ගේරියාව, ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව, තුර්කිය සහ එක්සත් රාජධානිය නියෝජන කරමින් හමුදා ඛණ්ඩ දහස් ගණනක් එක්කර තිබූ බව විදෙස් වාර්තා දක්වා තිබේ.

නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් වන අතර එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ දැවැන්තම යුද අභ්‍යාසයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට්
සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ය. අමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30 ඉක්මවා ගොස් තිබේ.

නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසයේ නිරතවූ ඇත්තේ අමෙරිකාව සමග පවතින සබඳතා පළුදු වෙමින් පවතින පසුබිමක වන අතර යුුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවල දී නේටෝ සංවිධානය පිළිබඳවත් විවිධ මත පළව තිබිණ.

Exit mobile version