Site icon Newshub

මිද්දෙණිය ඝාතනයේ මරණ සංඛ්‍යාව 3ක් වෙයි !

අනුර විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තාවද තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී ඝාතනය කිරීමට අදාළ සිදුවීමේ මරණ සංඛ්‍යාව 3ක් වී තිබේ.

ඒ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථීකාර ලබමින් සිටි වයස අවුරුදු 09ක් වන ඉහත මරණකරුගේ පුතාද ඊයේ (19) දින රාත්‍රී මියයාමත් සමඟය.

පසුගිය 18 වන දින රාත්‍රී කාලයේ මිද්දෙණිය පොලිස් වසමේ මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ කඩේවත්ත හන්දියයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මරණකරුට නාඳුනන පුද්ගලයින් විසින් සිදුකළ වෙඩි තැබීමේදී ඔහුගේ දරුවන් වූ 6හැවිරිදි දියනිය සහ 9 හැවිරිදි පුතා ද බරපතළ තුවාල ලැබූහ.

එහිදී රෝහල් ගත කිරීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දියනිය මියගිය අතර , මේ වන විට මරණකරුගේ පුතාද මියගොස් තිබේ.

T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බවද වාර්තා වෙයි. මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Exit mobile version