Site icon Newshub

වටගල ගේ “බූරුවා” වෙනුවෙන් ඇමති නලින්ද කණගාටු වෙයි

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල විසින් සිය රියදුරාට “බූරුවා” ලෙස ඇමතීම සම්බන්ධව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස කණගාටුව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ කණගාටුව ප්‍රකාශ කර සිටියේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ, වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු සිය රියදුරුට බූරුවා කියා අමතා ඇති බවත්, ඒ සීයා කියූ ලෙස අත්දැකීම් නොමැති නිසාද ? එසේ නොමැති නම් මෙවැනි අඩුපාඩු සකසා ගැනීමට මෙතෙක් අවධානයක් යොමුකර නොමැතිවීම සම්බන්ධවය.

ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ, ඉතා කළබල කාරී, ආතතිගත තත්ත්වයක පවා නියෝජ්‍ය අමාත්‍යවරයා සිය රියදුරුට බූරුවා කියා ඇමතීම සම්බන්ධවද තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි

Exit mobile version