Site icon Newshub

හැප්පිලා බලමුත් කිව්වා : අධිකරණ බිමේදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරයි ! (PHOTOS)

අද (19) මීට සුළු මොහොතකට පෙර කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කාමර අංක 05දී ගනේමුල්ල සංජීව ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එයින් ඔහු මියගොස් තිබේ.

ප්‍රබල පෙළේ පාතාල කල්ලි නායකයකු ලෙස සැළකෙන ඔහු නඩු කටයුත්තක් වෙනුවෙන් අද අලුත් කඩේ අධිකරණය වෙත ගෙනවිත් තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ එහිදී ය.

 

මේ අතර දිගින් දිගටම පාතාල ක්‍රියා උත්සන්න වීම සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේද අවධානය යොමුව ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට අසමත් වීම පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව ගණනාවක් වෙත චෝදනා එල්ල කෙරෙමින් පවතී.

ජනාධිපති අනුර දිසානායක මීට සති කිහිපයකට පෙර කියා සිටියේ පාතාල ක්‍රියා නවත්වන්නේ නැතිනම් “හැපිලා බලමු” කියාය. ජනාධිපතිවරයා එසේ පැවසූවද දෛනිකව පාතාල ක්‍රියා , ඝාතන , අඩුවක් නැතිව සිදුවෙමින් පවතී.

මේ අතර අනුර විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තාවද තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් ඊයේ (18) ඝාතනය කර තිබිණ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ යතුරු පැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බවයි.

එම ස්ථානයේදී තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයද මියගොස් තිබේ.

T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Exit mobile version