2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර මෝටර් රථ ආනයනය බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ පැවති අයවැය පසු සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මෝටර් රථ ආනයනයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක පමණ ආදායමක් අපේක්ෂා කරන බවද ඔහු පුරෝකථනය කර ඇත.
කෙසේ වුවත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙවර අයවැය හි වියදම් ඉහල ගොස් ඇති නමුත් ආදායම් නිශ්චිත නොවන බවයි. එබැවින් අවධානමක් ඇති නමුත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිගේ හැසිරීම අනුව නම් ඔහු IMF, WB , ADB හැරුණු විට වෙනත් විදෙස් මුදල් ප්‍රවාහයක් සම්බන්ධව විස්වාසයෙන් සිටින බවක් පෙන්නුම් කරන බවද ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙයි