Site icon Newshub

යළිත් සේවයට එක්වන පොලිස් නිලධාරීන්ට අනිවාර්ය පරීක්ෂණයක්

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට යළි සක්‍රීය සේවයට එක්වන පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

වැඩතහනමට ලක්ව හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රීය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවීමට පෙර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතුවීම අනිවාර්ය වන අතර ඒ බව වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ස්ථානාධිපතවරුන් වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

අදාළ පරීක්ෂණයට පොලිස් රෝහලේදී පෙනී සිටිය යුතු අතර කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එහිදී හෙළිවුවහොත් ඔහු නැවත සේවයේ පිහිටුවන්නේ නැති බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර තිබෙන බවද සඳහන් වේ

Exit mobile version