Site icon Newshub

අසත්‍ය ප්‍රකාශ සිදුකරලා – විපක්ෂ නායකට අධිකරණයෙන් මැතිවරණ තහනමක් !

සිංගප්පුරුවේ විපක්ෂ නායක ප්‍රිතම් සිං පාර්ලිමේන්තුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමේ චෝදනාවකට වරදකරු වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර ඇති අතර මෙම තීරණයත් සමග ඔහුට මේ වසරේ දී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් හෝ වසරක සිරදඬුවමක් නියම වනු ඇති බවද සඳහන්.

2021 වසරේදී සිංගප්පුරු විපක්ෂ නායක සිප්‍රීතම් සිං පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙම සිදුවීමට හේතුවී තිබේ.

Exit mobile version