Site icon Newshub

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී CID අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) සවස අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස එක්ලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදු කළ අතර විමර්ශනවලින් පසුව මෙලෙස මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශාන්ත අබේසේකර මහතා සහ ඔහුගේ පුත්‍රයා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version