Site icon Newshub

නලින්දගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට වාහන සමඟ ඉන්ධන දන්සලක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරුන්, සම්බන්ධීකරණ ලේකම්වරුන්, මාධ්‍ය ලේකම් යන සියලු නිලධාරීන්ට කැබ් රථය බැගින් ලබා දීමටත් රජයේ වැටුප් ලබන රියදුරෙක් හා මාසිකව ඉන්ධන ලීටර් 213 මැගින් ලබාදීමටත් එම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම නිලධාරීන් සඳහා වාහනය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට එම අමාත්‍යංශය කටයුතු කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරුන් 03 ක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මාධ්‍ය ලේකම්වරයෙක් ඇතුළු පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් සඳහා කැබ් රථ පහක් සමඟ ඉන්ධන ලීටර් 1065 ක් වෙන්කර දී ඇත.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට සම්බන්ධීකරණ ලේකම්වරු හතර දෙනෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, පෞද්ගලික ලේකම්වරු දෙදෙනෙක් සඳහා කැබ් රථ හතක් ලබා දී ඒ වෙනුවෙන් ඉන්ධන ලීටර් 1491ක් ලබා දී තිබේ.

මෙම නිලධාරීන් සඳහා වාහන ඉන්ධන රියදුරු යන පහසුකම්වලට අමතරව අනෙකුත් දීමනා හා සහන රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවනු ලබයි.

පැවති ආණ්ඩු මේ ආකාරයට එම නිලධාරීන්ට වාහන සහ අනෙකුත් පහසුකම් ලබා දෙන අවස්ථාවලදී වත්මන් ආණ්ඩුවේ මැති ඇමති වරු එවකට විපක්ෂයේ සිට ඊට දැඩි විරෝධය පළ කරමින් ජනතාව නොමඟ යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමතී පෙන්වාදෙයි.

මෙවැනි ක්‍රියා එදා විවේචනය කරමින් ජනතාව මුලා කළ නලින්ද ජයතිස්ස වැනි ඇමතිවරුව අද කිසිදු හිරිකිතයකින් තොරව මේ ආකාරයට මහජන මුදල් කාබාසිනියා කිරීම දෛවයේ සරදමක් බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

Exit mobile version