Site icon Newshub

වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්

වේයන්ගොඩ ප්‍රදේශයේ අභ්‍යන්තර බහාලුම් මධ්‍යස්ථානයක් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වරාය තදබදය අවම කිරීම මෙහි අරමුණ බව ජනපති මෙහිදී කියා සිටියා.

දුම්රියෙන් බහාලුම් ප්‍රවාහනය කිරීම මඟින් තදබදය අඩු කිරීමට හැකියාව ඇති බවත් ⁠ඉඩම් අත්පත් කරගැනීමට සහ මූලික කටයුතු වලට රුපියල් මිලියන 500 වෙන් කර ඇති බවත් ජනපති මෙහිදී කියා සිටියා.

ඒ 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්

ඊට අමතරව

* ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.

* රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන අතර රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා.

* රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි. එහි ප්‍රතිඵල ලබාගැනීම සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර සඳහා වෙන් කරනවා.

* බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා.

* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.

Exit mobile version