Site icon Newshub

මාර්තු සහ අප්‍රේල් රටට වන දේ..!

එළැඹෙන මාර්තු සහ අප්‍රේල් මාස වලදී රටේ පෙර වසර වලට වඩා දැඩි උෂ්ණත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය සමනය කරමින් ඉදිරි සති දෙක ඇතුළත අඩු වර්ෂාපතනයක් ඇතිවිය හැකි වුවද මාර්තු සහ අප්‍රේල් දැඩි උෂ්ණත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය වැඩිවීමට අමතරව නිරන්තර තාප තරංග වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version