Site icon Newshub

වැලන්ටයින් දින පාසල් නෑ කියූ පුවත ගැන රජය කරුණු පහදයි !

ආදරවන්තයින්ගේ දිනය වන අද (14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන ව්‍යාජ බව රජය විසින් දැනුම්දී සිටියි.

එහි දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව මෙම ලිපිය සකස්කර ඇති බවයි.

අදාළ ව්‍යාජ ලිපිය අනුව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද (14) දින දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වා තිබේ.

ඒ අනුව එම ලිපියේ සඳහන් පුවත අසත්‍ය බව රජයේ නිවේදනයේ සඳහන්කර ඇත.

Exit mobile version