Site icon Newshub

මාලිමා මන්ත්‍රීගේ මෝටර් රථයේ ගැටි යතුරුපැදිකරු මියයයි !

ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් ගේ මෝටර් රථයේ ගැටුණු යතුරුපැදිකරුවෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම රිය අනතුර අද (14) උදෑසන කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී සිදුව ඇති අතර ඒ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී ය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

රිය අනතුරක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ මන්ත‍්‍රීවරයා ගේ මෝටර් රථය පැදවූ ඔහුගේ සහෝදරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version