ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා (F-35) අලෙවියට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේදී මේ සම්බන්ධයෙන් එකඟතාවලට එළඹ තිබෙන බව වාර්තා වේ. දෙරට නායකයින් අතර හමුවේදී ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද එකඟතාව පළ වී ඇති බව විදෙස්ම මාධ්‍ය වාර්තා දක්වා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි සිව්වන ලෝක නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන අතර අගමැති මෝදි යනු තමාගේ සුවිශේෂී මිතුරෙකු බවත්, අගමැති මෝදි තමාට වඩා “බොහෝ දැඩි සාකච්ඡාකරුවෙකු” බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවසා ඇති බව සඳහන් වේ.