Site icon Newshub

තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් නොකරන්න – චීනය ඇමෙරිකාවෙන් ඉල්ලයි

තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian ප්‍රකාශ කොට තිබේ.

ඒ, ඇමරිකාව සහ ජපානය අතර ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය ඊයේ(12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී බව වාර්තා වේ.

තායිවාන ප්‍රශ්නය භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් මෙම ඒකාබද්ධ ප්‍රකාශය තුළින් පැහැදිලි වන හෙයින් එකම චීනය ප්‍රතිපත්තිය සහ චීනය ඇමරිකාව සමග මීට පෙර ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කළ යුතු බවත්, තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද එහිදී සඳහන්කොට තිබේ.

එමෙන්ම තායිවාන ප්‍රශ්නයේදී ඓතිහාසික වගකීමක් ඇති රටක් ලෙස ජපානය අතීත අත්දැකීම් සිහිපත් කර, සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව ද චීනය පවසන බවද සඳහන් වේ

Exit mobile version