1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනතසංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
එම පනතේ සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රම වේදයක් හඳුන්වා දීම සඳහා පනතේ අදාළ විධි විධාන කඩිනමින් සංශෝධනය කිරීමට එමගින් තීරණය කර ඇත.
එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම පනත මඟින් වී සහ සහල් මිල දී ගැනීම, අලෙවි කිරීම, සැපයීම, කෙටීම, පෑහීම සහ සකස් කිරීම ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යාම සඳහා මණ්ඩලයක් පිහිටු වීමට අවශ්‍ය විධිවිධාන සහ ඊට අදාළ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වන අනුෂාංගික කරුණු සඳහා නෛතික විධිවිධාන සලස්වා ඇත