විදුලිය කප්පාදුව ලබන සිකුරාදා (14) වැනිදා වනතෙක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව විදුලුබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
මීට හේතු වී ඇත්තේ දැනට අක්‍රියව පවතින නොරොච්චෝලය ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුන නැවත සක්‍රීයකර විදුලි බල පද්ධතියට එක් කිරීමට නොහැකි වීම නිසා බව එම නිලධාරියා සඳහන් කරයි.
අක්‍රිය වූ ජනන යන්ත්‍ර යළි විදුලි බල පද්ධතියට එක් කිරීම ලබන සිකුරාදා පමණ වන විට සිදු කළ හැකි බවත් ඒ අනුව සිකුරාදා සිට විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
එතෙක් පෙර සැලසුම් කළ පරිදි දිනකට පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට තවදුරටත් සිදුවන බව එම නිලධාරියා අනාවරණය කළේය