Site icon Newshub

ලෝක බලවතා හමුවීමට නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සතියේදී ඇමරිකාවේ සංචාරය කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන බදාදා අමෙරිකාවට පැමිණීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරන අතර දින දෙකක කාලයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවද සඳහන් කර තිබේ.

එහිදී දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් තීන්දු රැසකට එළඹීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ලොව බොහෝ රට වලින් සිදු කරන ආනයන සඳහා ඇමරිකාව තුළ බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති අතර එම බදු හා නව ප්‍රතිපත්ති පිළිබඳ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා සිදුකිරීමට ඉන්දීය අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද එරට මාධ්‍ය සඳහන් කර තිබේ

Exit mobile version