Site icon Newshub

ඇමෙරිකාවේ ගෙරවීම් මැද ඉන්දියාව සහ පැනමාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

ඉන්දියාව සහ පැනමාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ මැදිහත්වීම උපුටා දක්වමින් පැනමා ඇළ සඳහා අමෙරිකාවේ හිමිකම් පෑම සම්බන්ධයෙන් ආතතීන් වැඩිවෙමින් පවතින පසුබිමක ඉන්දියාව මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අවබෝධතා ගිවිසුම හරහා භෞතික යටිතල පහසුකම්, මාර්ග සහ ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂාව ඇතුළු සමාජ යටිතල පහසුකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව සඳහන් වේ.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පැනමා, කොස්ටාරිකාව සහ නිකරගුවාවේ ඉන්දීය තානාපතිවරයා සහ පැනමා විදේශ අමාත්‍යවරයායි. විදෙස් වාර්තා දක්වන පරිදි ඉන්දියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හරහා පැනමාවේ ජනතාවට අංශ රැසක් ඔස්සේ ප්‍රතිලාභ හිමිවෙන බවයි

Exit mobile version