Site icon Newshub

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් කල් දමයි – සටන් විරාමය බිඳ වැටෙන ලකුණු

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශකයෙකු චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම කඩ කරන බවයි. පසුගිය දින කිහිපයේද ඊශ්‍රායලය සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද වාර්තා වේ.

මේ අතර ඊශ්‍රායලයේ රඳවා සිටින තවත් පලස්තීන සිරකරුවන් වෙනුවෙන් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් තුන් දෙනෙකු සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සෙනසුරාදා වන විට ආපසු නොඑන්නේ නම් සටන් විරාමය අවලංගු කළ යුතු බව ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරෙකු වන ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද යෝජනා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් හැත්තෑතුන් දෙනකු තවමත් ගාසා තීරයේ රඳවා සිටින බවද සඳහන් වේ

Exit mobile version