Site icon Newshub

රාජ්‍ය සේවයට නව පත්වීම් 7,456 ක් !

රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබූ අතර එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු නම්කර තිබේ.

ඒ අනුව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය

Exit mobile version