ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ඒ ඊයේ (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්‍ට් තරගයේදී කඩුළු 09කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනි.
දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් ලබා ගත්හ. ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 414ක් ලබා ගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පිටු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 231ක් පමණි. එය ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙනි.
අනතුරුව ලකුණු 75ක පහසු ඉලක්කයක් සහිතව දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට පැමිණි ඕස්ට්‍රේලියාව පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 01 පමණක් දැවී ලකුණු 75ක් රැස් කරමින් වෝන් මුරලි කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්හ.