Site icon Newshub

වානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක නව බදු පැනවේ!

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වානේ හා ඇලුමිනියම් මත නව බදු පනවා තිබෙන බව වාර්තා වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, තමන්ගේ වෙළඳ ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානයේ තවත් ප්‍රධාන පියවරක් ලෙස දැනට පවතින ලෝහ තීරුබදු සඳහා වානේ සහ ඇලුමිනියම් ආනයනය වෙනුවෙන් නව 25% ක තීරුබදු පනවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බවයි.

මීට අදාළව නව ගාස්තු අද (10) ප්‍රකාශයට පත් කරන බව ට්‍රම්ප් පවසා ඇති බවද සඳහන් වේ. සියලුම රටවලට අදාළ වන පරිදි සහ ඒ ඒ රටවල් විසින් අය කරන තීරුබදු අනුපාතවලට ගැලපෙන පරිදි මෙය සංශෝධනය කෙරෙනු ඇති බවද සඳහන් වේ.

ඇමරිකාව වැඩි වශයෙන් වානේ ආනයනය කරනු ලබන්නේ කැනඩාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් වන අතර, දකුණු කොරියාව සහ වියට්නාමය ද ඒ අතර වේ.

Exit mobile version