Site icon Newshub

ඇල්ල ඔඩිසි නානුඔය – අද සිට ක්‍රියාත්මකයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද(10) සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ අනිත් සෑම දිනකම S14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිත අතර පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරේ.

පළමු පන්තියේ වෙන්කල ආසන (AFC)- රුපියල් 7,000ක්, දෙවන පංතියේ වෙන්කල ආසන (SCR) රුපියල් 6,000,තෙවන පංතියේ වෙන්කල ආසන (TCR) – රුපියල් 5,000ක් වේ.

පහත දැක්වෙන දර්ශන ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරන බවද සඳහන්.

01. එල්ජින් දිය ඇල්ල
02. සමිට ලෙවල්
දුම්රිය නතර කරන ස්ථාන
01. ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානය විනාඩි 06ක්
02. ආරුක්කු නවයේ පාලම විනාඩි 10ක්

Exit mobile version