Site icon Newshub

ලෝක රාජ්‍ය සමුළුව සඳහා ජනපති එක්සත් අරාබි එමීර් යයි

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙත පිටත්ව යෑමට නියමිතව ඇත.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල්නහීයන් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙලෙස එමීර් රාජ්‍යයේ සංචාරය කරනුු ලබයි.

ඒ අනුව ලබන 13 වැනිදා තෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්. ආණ්ඩු ප්‍රධානීන්.ඇතුළු ප්‍රභූන් රැසක් සමඟ ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයක ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ගෝලීය සමාගම් වල හිමිකරුවන් හා ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version