Site icon Newshub

මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස කුලී සංශෝධන යෝජනාව ප්‍රතික්ෂේපයි

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සඳහා දැනට අය කරනු ලබන රුපියල් 2000 මාසික කුලිය වැඩි කරන්න ලෙස ඉදිරිපත් කර තිබූ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

දුර බැහැර සිට පැමිණෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මාදිවෙල නිල නිවාස වල නවාතැන් ගෙන ඇත.

කාමර තුනකින් සමන්විත මාදිවෙල නිල නිවාස සඳහා අය කරනු ලබන කුලිය දිගු කාලයකින් වැඩි කර නොමැති අතර රුපියල් 2000 ක් වැනි එම කුලිය තවදුරටත් වැඩි කළ යුතු බවට පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය තුළින් කතිකාවක් ඇතිවී තිබිණි.

Exit mobile version