Site icon Newshub

විදුලිය බිඳවැටීම වඳුරෙකු නිසයි – ඇමති කියයි : වතුරත් ඇණහිටියි !

රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

මේ හේතුවෙන් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය බිඳවැටී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් බලශක්ති අමාත්‍යංශය ‘පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්’ ලෙස පමණක් පවසයි.

විදුලිය බිද වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදු කර නැත.

බල ශක්තිය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පැවසුවේ පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීම විදුලි බිද වැටීමට හේතු වී ඇති බවය.

මෙම විදුලිය බිඳවැටීම සමග ජලසම්පාදන ක්‍රියාවලිය ද ඇණහිට තිබේ.

තිබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දී සිටියි

Exit mobile version