කොළඹ ප්‍රධාන පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයින පුරා මේ වන විට සිදුව තිබෙන විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමට තවත් පැය කිහිපක් ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මේ තත්ත්වය මත දුම්රිය ගමනාගමනයට මෙතෙක් බාධාවක් එල්ලවී නැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා නොකිරීම නිසා එහි නිවේදන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් එමඟින් මගී ජනතාවට යම් දුෂ්කතාවයකට මුහුණ පෑමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.