Site icon Newshub

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රවී ගෙනා යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ආණ්ඩු පක්ෂය විපක්ෂය දිගු කලක සිට ප්‍රකාශ කලත් ආණ්ඩුවෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් නොවීය .

කෙසේ නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව ට සහයෝගය ආණ්ඩුව සහයෝගය ලබා දුන්නේය.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බව
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය

Exit mobile version