Site icon Newshub

වීසා වංචාව ඇතුළු දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා ගැන ආණ්ඩුව උනන්දු නෑ : CID ගිය ශිරාල් එළියට ඇවිත් දෙසයි !

මෑත කාලයේදී සිදුවූ දැවැන්ත වංචා සහ මූල්‍ය ආක්‍රමිකතා ක්‍රියාවලියන් පිළිබඳව ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බවට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම උදාහරණයක් බව නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි.

මෑතදී වාර්තා වූ වීසා වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිහඩතාවයක පසුවන අතර, එවන් දැවැන්ත වංචාසහගත සිදුවීම් නොසලකා හැර ඇති බවක් පෙන්නුම් කෙරෙන බවද ඒ මහතා සඳහන් කළේය.

නීතීඥ ශිරාල් ලක්තිලක මේ බව සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ඊයේ (06) ඒ වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ ශිරාල් ලක්තිලක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ, 2015 සිට 2020 දක්වා කාලය තුළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහා මිලදීගෙන ඇති භාණ්ඩ අස්ථානගතවීමක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් නීතීඥ ශිරාල් ලක්තිලක මෙසේද පැවසීය.

“භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධ වගකීම් දරන්නේ රාජ්‍ය නිලධාරීන් ..ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කළ මා වෙත එම වගකීම් පවරා තිබුණේ නැහැ.”
“කෙසේ වෙතත්, පුරවැසියෙකු ලෙස මෙවැනි විමර්ශන කටයුත්තකට කැඳවීමක් කළහොත්, නීතිය මෑත පාලනයට සහය දීමේ අරමුණින් එම කැඳවීම්වලට සහභාගි වීම මගේ වගකීමක් ලෙසයි මම සලකන්නේ” .

මෙම කැඳවීම සිදු කර ඇත්තේ,
යැයි පැවසීය.එහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ඔහු, “මෑත කාලයේදී සිදුවූ දැවැන්ත වංචා සහ මූල්‍ය ආක්‍රමිකතා ක්‍රියාවලියන් පිළිබඳව ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව මෙම සිදුවීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන්ම, මෑතදී වාර්තා වූ වීසා වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිහඩතාවයක පසුවන අතර, එවන් දැවැන්ත වංචාසහගත සිදුවීම් නොසලකා හැර, ජනාධිපතිවරුන් තිදෙනෙකුට පෙර සිදුවූ සිදුවීමක් පිළිබඳව පරීක්ෂණවලට අපගේ කාලය සහ මූල්‍ය සම්පත් වැය කිරීම ජනතාවට ප්‍රශ්නීය තත්ත්වයක් බවක් පෙනේ” යැයි සඳහන් කළේය.

Exit mobile version