Site icon Newshub

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ට්‍රම්ප්ගෙන් සම්බාධක

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවා තිබෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය කිසිදු පදනමක් නොමැති චෝදනා නගමින් ඇමෙරිකාවට හිතවත් රටවලට ක්‍රියාමාර්ග ගන්නා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමට අදාළ වන විධායක නියෝගයට ට්‍රම්ප් ජනාධිපතිවරයා අත්සන් තැබූ බව ධවල මන්දිරය සඳහන් කරයි. අපරාධ අධිකරණය නියෝජනය කරමින් ඇමෙරිකාවට හා හිතවත් රටවලට එරෙහිව පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම සම්බාධක පනවා තිබෙන බව සඳහන්.

ඔවුන්ට මූල්‍යමය හා වීසා සිමා කිරීම් මේ හරහා පැනවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මෙම සම්බාධක පැනවීම විශේෂත්වයකි

Exit mobile version