සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද(06) පැවැත්වේ.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිත අතර මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගයද වීම විශේෂත්වයකි.
පළමු ටෙස්‍ට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර අද තරගය පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතයි.
අද තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබයි