Site icon Newshub

වී මිල නිසා සහල් මිල ඉහලට !

රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන වී සඳහා වන සහතික මිල හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යාමේ අවදානමක් ඇති බව සහල් ව්‍යාපාරිකයින් පවසයි.

මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති බී කේ රංජිත් සඳහන් කරන ආකාරයට සහතික මිලට වී මිලදී ගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

එබැවින් පවත්නා තත්ත්වය සලකා බලා සහල් අලෙවි කළ හැකි මිල ගණන් ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

පසුගියදා රජය විසින් වී සඳහා සහතික උපරිම මිලක් නියම කළ අතර ඒ නාඩු වී කිලෝවක් සඳහා උපරිම මිල රුපියල් 120ක්, සම්බා වී කිලෝවක උපරිම මිල රුපියල් 125ක්, කීරි සම්භා වි කිලෝවක උපරිම මිල රුපියල් 132ක් වශයෙනි .

එසේම වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් මෙන්ම කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් ගෙවා මිලදී ගැනීමට සූදානම් බවද නිවේදනය කෙරිණි.

Exit mobile version