Site icon Newshub

ජනපති – නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක් !

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපති පාරින්ද රණසිංහ අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර පැවැත්වෙන මෙම හමුව සුවිශේෂී වනුයේ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය සම්බන්ධව පැවැත්වෙන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමත් ඒ සම්බන්ධව සමාජය තුළ බරපතළ විරෝධයක් මතුව ඇති පසුබිම හේතුවෙනි.

වාර්තා වන ආකාරයට මෙම හමුවේදී එම කාරණය සම්බන්ධවද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කෙරෙහි ආණ්ඩුව බලපෑම් නොකළත් අදාළ සිදුවීම සම්බන්ධව වෙනම සොයාබැලීමක් සිදුකරන බවයි.

එසේම ආණ්ඩුව හිතවාදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ වන විටත් නීතිපතිට විරෝධය දක්වමින් අදහස් දක්වමින් සිටියි

Exit mobile version