පළාත් පාලන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තවමත් තමන් වෙත ලැබී නැති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගුව පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්දැයි දැනගැනීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් මෙන්ම රටේ බොහෝ දෙනෙක් දැඩි බලාපොරොත්තු සහගතව සිටියද කතානායකවරයාගේ ප්‍රකාශයයත් සමග ඔවුහු අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිති.
පළාත් පාලන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීන්දුව කතා නායකවරයා වෙත යොමු කරන බව පසුගිය 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේ එලෙස කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුවත් කර නොමැති පසුබිමක බැවින් අමාත්‍යවරයා පැවසුවේ අසත්‍යක් ද යන්න විපක්ෂය මෙහිදී ප්‍රශ්න කර සිටියා.
කවුරුන් කෙලෙස ප්‍රකාශ නිකුත් කළත් තමන් කියන දේ පිළිගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායකවරයා කියා සිටියා.